පුත්තලම - මංගලඑළිය ප්රදේශයේදී සිදුවී ඇති වෙඩි තැබීමකින් දෙදරු පියෙකු මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය පවසනවා.
ඊයේ (02) රාත්රියේ මංගඑළිය - හේන්යාය ප්රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.
වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ මංගඑළිය - සමිදුගම පදිංචිව සිටි ගීත් මංගල පෙරේරා (අවු:37) නම් අයෙක්.
වෙඩි තැබීම සිදු කළ බව කියන මංගලඑළිය - හේන්යාය පදිංචි වයස අවුරුදු 50 ක් වන අයෙකුව මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා. ඔහු සතුව තිබූ වෙඩි තැබීමට යොදා ගත් බව කියන බෝර 12 පතුරම් යෙදිය හැකි ගල්කටස් වර්ගයේ ගිනි අවියක්ද පොලිස් බාරයට ගැණුනා.
මිය ගිය අය සහ අත්අඩංගුවට ගෙන ඇති අය අතර කාලයක පටන් ආරවුලක් තිබී ඇති බවත්, එහි ප්රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවත් පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන සිටිනවා.