Sunday, May 5, 2024

General line - 0115112241

මඩේ එරී මියගිය අලි 07 දෙනා ගැන අද විමර්ශන ඇරඹෙයි

හර්ෂිකා සංජීවනී/ලහිරු කපුගේ




පොළොන්නරුව තුම්මෝදර ජල ගැලූම් නිම්න ජාතික උද්‍යානයේ වගුරු බිමකදී අලින් 07 දෙනෙකු මඬේ එරී මියයාම සම්බන්ධයෙන් අද (03) විමර්ශනයක් ආරම්භ වනවා.

මියගිය අලි 05 දෙනෙකුගේ සිරුරු පෙරේදා (01) සොයා ගැණුනු අතර මියගිය අනෙක් අලින් දෙදෙනාගේ සිරුරු සොයා ගැණුනේ ඊයේ (02) දිනයේයි.

විමර්ශනයේ දී අනාවරණ වන කරුණු අධිකරණයට ද වාර්තා කරන බවයි වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් එම්. ජී. සී. සූරියබණ්ඩාර පැවසුවේ.

අදාළ විමර්ශනය පිළිබඳ සොයා බැලීමට වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ද පොළොන්නරුවට ගොස් සිටිනවා. 

මඬේ එරී මියගොස් ඇති අලින් ආහාර සොයා රාත‍්‍රී කාලයේ ගම්වැදුණු සතුන් බවටයි සැක කෙරෙන්නේ.