Saturday, May 4, 2024

General line - 0115112241

ජනපතිගේ 67 වැනි ඡන්ම දිනය අද




ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ 67 වන ජන්ම දිනය අදට (03) යෙදී තිබෙනවා. 

1989 වසරේදී පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නියෝජ්‍ය අමාත්‍ය ධුර සහ කැබිනට් අමාත්‍ය ධුර රැසක් හොබවමින් 2015 ජනවාරි 8 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත්වුණා. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායකයාද වන මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට ආශිර්වාද කරමින් අද දිනයේ දිවයින පුරා ආගමික උත්සව රැසක්ද සංවිධාන කර තිබෙනවා.

1951 සැප්තැම්බර් 02 වන දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උපත ලෙස සැළකෙන අතර ඒ අනුව එම පක්ෂයේ වත්මන් නායක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපන්දිනය 1951 සැප්තැම්බර් 03 වැනි දිනට  යෙදී තිබීම ඔහු දේශපාලන උරුමයක් ලද අයෙක් බව පෙන්නුම් කර ඇති බවයි දේශපාලන ක්ෂේත්‍රයේ පැවසෙන්නේ.

පොළොන්නරුව ලක්ෂඋයන විදුහලේ සාමාන්‍ය පෙළ හදාරමින් සිටියදී 16 වන වියේදී කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලේ “කම්කරුවා ” පුවත්පත පරිශීලනය කිරීමෙන් දේශපාලන හැඟීම් පුබුදුවා ගැනීමට ඔහු කටයුතු කළා. පාසල් සිසුවෙකුව සිටියදීම සක්‍රීයව කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන කටයුතුවලට සම්බන්ධ වීම කැපී පෙනෙන සිදුවීමක්.