Saturday, May 4, 2024

General line - 0115112241

ලිබියාවේ බන්ධනාගාරයකින් 400ක් පනී




ලිබියායේ ටි‍්‍රපෝලි නුවර බන්ධනාගාරයකින් රැඳවූවන් 400කට වැඩි පිරිසක් පලා ගොස් තිබෙනවා.

බන්ධනාගාරය අවට ප‍්‍රදේශයේ ගැටුමක් අතරවාරයේ ඔවුන් මෙලෙස පලාගොස් ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ගැටුම පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන්ට ද හැකි වී නැහැ. මෙම බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවූවන්ගෙන් වැඩි දෙනෙකු ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගඩාෆිගේ ආධාරකරුවන් බව පැවසෙනවා.