Friday, January 17, 2025

General line - 0115112241

නවකවදය නිසා සියදිවි නසාගත් සිසුවිය ලියූ බව කියන ලිපියක් සමාජජාල වෙත




නවක වදය හේතුවෙන් සබරගමුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක සිය දිවි හානිකර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ මව කොළඹ පොලිස් මූලස්ථානයට පසුගියදා පැමිණිල්ලක් ඉදිරිපත් කළා. 

ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා සිටිමින්.

ඇයගේ මව සඳහන් කරන්නේ 2014 වසරේ සිය දියණිය සබරගමුව විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ බවත් එහිදී නවක වදයට ලක්වීම හේතුවෙන් ඇය රෝගී වී ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවූ බවයි.

2015 වසරේ පෙබරවාරි මස 16 වැනිදා ඇය සිය නිවසේදී සියදිවි නසා ගන්නවා. 

මේ සම්බන්ධයෙන් ඇයගේ මව විසින් අවස්ථා ගණනාවකදී පැමිණිළි කළත් ඒ කිසිම ස්ථානයකදී සාධාරණයක් ඉටු නොවුණ බවයි මව සඳහන් කරන්නේ. ඒ අනුව මව විසින් පොලිස් මූලස්ථානය වෙත මෙම පැමිණිල්ල සිදු කළේ ඉන් හෝ සාධාරණයක් ඉටු කර ගැනීමේ අරමුණින් බවයි සඳහන් කළේ.

මේ අතර අදාළ සිසුවිය සියදිවි නසා ගැනීමට පෙර ලියා තිබූ බව කියන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.

(එම ලිපිය පහතින් දැක්වෙයි)