රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීම වෙනුවෙන් පත් කළ විශේෂ කොමිසම අද (03) සිය රාජකාරී ආරම්භ කළා.
ඒ, කොළඹ මලලසේකර මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පරිපාලන ආයතන ගොඩනැගිල්ලේදීයි.
සාමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ එස්. රනුග්ගේයි. අගෝස්තු 20 වැනිදා සිට මාස 02ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි කොමිසම පත් කෙරුණා.
මාස 02ක් තුළ කොමිසමේ වාර්තාව ලැබීමෙන් පසු සමස්ත රාජ්‍ය සේවයටම යම් වැටුප් වැඩිවීමක් සිදු වනු ඇති බවට ද අනාවැකි පළ වනවා.
ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සඳහන් කළේ "අපි හිතනවා මේ වාර්තාවත් සමග එළඹෙන අයවැයේදී රාජ්‍ය සේවයේ 14 ලක්ෂයටම යම්කිසි පඩි වැඩිවීමක් වෙයි කියලා. ඒ වගේම මේ වැටුප් විශමතා තියෙන ඒවත් සම්පූර්ණයෙන්ම ඉවත් වෙයි." යනුවෙනි.