Friday, January 17, 2025

General line - 0115112241

පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතයෙන් පොළොන්නරුවෙන් අපූරු වැඩක්

රොෂාන් තුෂාර




අපතේ යන පොලිතින් හා ප්ලාස්ටික් යොදා ගෙන නවතම ඉන්ටර්ලොග් ගලක් නිෂ්පාදනය කිරීමට පොළොන්නරුව මහා නගර සභාව සූදානම් වනවා. එහි සභාපති චානක සිදත් රණසිංහ පැවසුවේ සිය පළාත් පාලන ආයතනය මඟින් එය ප‍්‍රථම වරට ක‍්‍රියාත්මක කරන බවයි.

මෙම ඉන්ටර්ලොග් ගල් උද්‍යාන අලංකරණය සදහා යොදා ගැනෙන බවයි පොළොන්නරුව නගරාධිපතිවරයා ප‍්‍රකාශ කළේ. පොළොන්නරුව මහ නගර සභාවේ අද (03) පැවති මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණ කෙරුණා.