Tuesday, May 21, 2024

General line - 0115112241

මහරගම සභාපති කම්කරුවන්ට පහර දීලා - ගැහුවේ නැහැ අවවාද කළා




මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් විසින් නගර සභාවේ විදුලි අංශයේ කම්කරුවන් සිව් දෙනෙකුට ඊයේ (06) සවස පහරදී ඇතැයි වාර්ථා වනවා. මේ හේතුවෙන් අද දින විදුලි කාර්මික අංශයේ සේවකයින් සේවයෙන් ඉවත්වීමටද තීරණය කර තිබෙනවා.

විදුලි අංශයේ කම්කරුවන් සිව්දෙනා වැඩ අවසන් කිරීමෙන් පසු සිය නිවෙස් බලා යන අතරතුර අවන්හලකට ගොස් මත්පැන් පානය කරමින් සිට ඇති බවය්‍ත්, සභාපතිවරයා එම ස්ථානයට පැමිණ එම කම්කරුවන්ට පහරදී ඔවුන්ව නගරසභා කාර්යාලය වෙත ගෙන ගොස් ඔවුන්ව දණගස්වා ඇති බවත් කම්කරුවන් පවසනවා.

 

මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමට අදහස් දක්වමින් සභාපතිවරයා පවසන්නේ එවන් පහරදීමක් තමන් නොකළ බවය. බීමත්ව සේවයේ යෙදෙමින් සිටි කම්කරුවට අවවාද කිරීමක් පමණක් කළ බවය.