Friday, May 17, 2024

General line - 0115112241

රට බේරාගන්න දිවිහිමියෙන් ක්‍රියා කළරණවිරුවන් කිසිසේත් අමතක නොකළ යුතුයි - ගෝඨාභය

මහේෂ් චතුරංග




ත‍්‍රස්තවාදයෙන් රට නිදහස් කර ගැනීමට දිවි හිමියෙන් කි‍්‍රයාකළ රණවිරුවන් වෙනුවෙන් සෑම විටම කෘතඥ වියයුතු බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ නැවත සිහිපත් කරනවා. යුද්ධය අවසන්වීම නිසා ඔවුන් අමතක කිරීම කිසිසේත් නොකළ යුතු බවයි ඔහු අවධාරණය කළේ. රණවිරුවන්ගේ සුබසාධනය සදහා ඉකුත් ආණ්ඩුව සමයේ ඉහළ ප‍්‍රමුඛතාවක් ලබාදුන් බවද මෙහිදි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.

ශී‍්‍ර ලංකාවේ පැවති යුද්ධය පිළිබදව ජාත්‍යන්තරයේ තවමත් ඇත්තේ වැරදි මතයක් බවද ඒ හේතුවෙන් උගත හැකිව තිබූ පාඩම් රැසක් ලෝකයට මගහැරී ඇති බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ එම අදහස් පළ කළේ විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් රචනා කෙරුණු ‘කඩොල් ඇත්තු’ නවකතාව එළිදැක්වීම වෙනුවෙන් කොළඹ ඊයේ පැවති උත්සවයකදීයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ හිටපු කතානායක චමල් රාජපක්‍ෂ යන මහත්වරුන් ද ඊට සහභාගි වී සිටියා.