Friday, May 17, 2024

General line - 0115112241

මිලින්දගේ ‘‘අයිතිකරුවන් භාර නොගත් ලිපි සියයක් " අද දොරට වඩී




කොළඹ නාගරික මන්තී‍්‍ර මිලින්ද රාජපක්‍ෂ විසින් රචිත ‘‘අයිතිකරුවන් භාර නොගත් ලිපි සියයක් ’’ ග‍්‍රන්ථය අද එළිදැක්වෙනවා. එම අවස්ථාවට සහභාගි වන ලෙස සියළු පාඨකයන්ට ඔහු විවෘත ආරාධනයක්ද කළා. අද පස්වරු 06.00ට කොල්ලුපිටිය පෙරහර මාවතේ අයිඩියා හෙල් හිදී පොත එළිදක්වනු ලබනවා.

‘‘අයිතිකරුවන් භාර නොගත් ලිපි සියයක් ’’ ග‍්‍රන්ථයේ ඇතුළත් ලිපි දේශපාලනය, ජීවිතය, ආදරය හා චිත‍්‍රපට වැනි විවිධ මාතෘකා යටතේ ලියූ ඒවා බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

කොළඹ නාගරික මන්තී‍්‍ර මිලින්ද රාජපක්‍ෂ ඉකුත් පළාත් පාලන මැතිවරණ සමයේදි නෙත් එෆ් එම් රේඩියෝව ප‍්‍රචාරය කළ පොලිටිකල් අයි කියුව් වැඩසටහනටද සහභාගි වුණා. එහිදී උපරිම ත්‍යාග මුදල වන රුපියල් ලක්‍ෂය ජයග‍්‍රහණය කිරීමටද ඔහු සමත්වීම විශේෂත්වයක්.