Tuesday, May 21, 2024

General line - 0115112241

නව වේත‍්‍රධාරී නරේන්ද්‍ර මිහිඳු කුමාර

හේමන්ත කහවලගේ




පාර්ලිමේන්තුවේ නව වේත‍්‍රධාරීවරයා ලෙස නරේන්ද්‍ර මිහිඳුකුමාර ප‍්‍රනාන්දු පත්කරනු ලැබ තිබෙනවා. ඒ, මීට පෙර එම ධුරයේ කටයුතු කළ අනිල් සමරසේකරගේ විශ‍්‍රාම ගැනීමෙන් ඇති වූ පුරප්පාඩුව සදහායි. 

නරේන්ද්‍ර මිහිඳුකුමාර ප‍්‍රනාන්දු පාර්ලිමේන්තුවේ 6 වන වේත‍්‍රධාරීවරයා වනවා. වසර 36 ක් පාර්ලිමේන්තුවේ සේවය කර ඇති ඔහු එයින් වසර 16 ක කාලයක් වේත‍්‍රධාරී දෙපාර්තමේන්තුවට අනියුක්තව සිට තිබෙනවා. 

ඔහු කොළඹ ඉසිපතන විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.