Tuesday, May 21, 2024

General line - 0115112241

මුහුද රළු වෙයි හිරු මුදුන් වෙයි

ඩිල්ෂාන් මඩවල/ පසන් වික්‍රමතිලක




හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශ අද (07) රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 50 ක් හෝ 60 ක් දක්වා වැඩි විය හැකි බව කාලගුණ අනාවැකියේ සදහන්. පුත්තලම සිට කංකසන්තුරේ හරහා ති‍්‍රකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශවලද සුළගේ වේගය පැයට කිලෝමීටර් 45 ක් හෝ 55 ක් දක්වා වැඩි විය හැකියි. ඒ අනුව එම මුහුදු ප‍්‍රදේශද තරමක් රළු විය හැකි බව කාලගුණ අනාවැකියේ සදහන් වනවා.

මේ අතර බූස්ස, අක්මීමණ, අකුරැුස්ස, කඹුරුපිටිය, හක්මණ සහ දෙනගම යන ප‍්‍රදේශවලට අද දහවල් සූර්යයා මුදුන් වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉකුත් 28 වනදා සිට සූර්යයා පවතින්නේ 
ශී‍්‍ර ලංකාවට ඉතා ආසන්නවයි.