Friday, May 17, 2024

General line - 0115112241

සීගිරිය අභය භූමියේ බැකෝ යන්ත්‍ර යොදා ගෙන මාර්ගයක් කපලා

කාංචන කුමාර ආරියදාස




සීගිරිය උඩවලයාගම ප්‍රදේශයේ වනජීවි දෙපාර්තමේන්තුවට අයත් අභය භූමියේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු පැමිණ යන්ත්‍ර සූත්‍ර දමා පාරක් කැපීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

සීගිරිය ගොවිපල පාර නමින් රුපියල් ලක්ෂ 6ක මුදලක් ප්‍රාදේශීය සභාව මගින් අනුමත කොට මෙම මාර්ගය කපා ඇතිබව ගම්වාසීන් පවසනවා. ඔවුන් කියා සිටියේ ගෙඩි ගස් වලාන උඩවලයාගම ගම්මානයට විශාල අඩුපාඩු කම් පවතිද්දී ප්‍රදේශයේ ප්‍රා දේශීය සභා මන්ත්‍රීවරයා කිසිදු අයකු පදිංචි නොමැති කිහිපදෙනෙකු පමණක් රජයේ රක්ෂිත අල්ලාගෙන ගොවිතැන් කරන වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමියක විශාල මාර්ගයක් ඉදිකර තිබෙන බවය.

දඹුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුමනසිරි බණ්ඩාර ගොවීන් පිරිසකුත් සමඟ අප රැඳී සිටි දඹුල්ල ප්‍රාදේශීය සභාවට පැමිණ කියා සිටියේ මෙම මාර්ගය පිළිසකර කිරීම සඳහා තමන්ට දඹුල්ල ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ලැබුණු බවය. මාර්ගය කැපීම සඳහා ඒ අනුව අවශ්‍ය පියවර ගත් බවත් එය වැරැද්දක් ඇත්නම් තමන් ඕනෑම දඬුවමක් විඳීමට කැමති බවයි.