Friday, May 17, 2024

General line - 0115112241

මහසෝන් බලකායේ නායකයා ඇතුලූ සැකකරුවන් 08දෙනා යළි රිමාන්ඞ්

කේ ඩබ් නිශ්ශංක




තෙල්දෙණිය හා දිගන ප‍්‍රදේශවල පසුගිය මාර්තු මස 05වන දා ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින මහසෝන් බලකායේ නායක අමිත් වීරසිංහ ඇතුලූ සැකකරුවන් 08දෙනෙකු මේ මස 21වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, තෙල්දෙණිය වැඩබලන මහේස්ත‍්‍රාත් වරුණි යාපාරත්නගේ නියෝගයකට අනුවයි.

සැකකරුවන් අද (07) අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ත‍්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළා. යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු මහසෝන් බලකායේ නායක අමිත් විරසිංහ අනුරාධපුර බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.

පූජ්‍ය කුඹුරේගම සෝභිත හිමි ඇතුලූ සෙසු සැකකරුවන් 07දෙනා පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.