Tuesday, May 21, 2024

General line - 0115112241

කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවැති ගෝඨාභයට එරෙහි නඩුවක් අවසන් කෙරේ

අධිකරණ වාර්තාකරු




හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 07දෙනෙකුට එරෙහිව පැවැති නඩු කටයුත්තක් අවසන් කිරීමට කොළඹ ප‍්‍රධාන මහේ්ස්ත‍්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඞී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් සාවද්‍ය පරිහරණය කළේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම නඩුව පවරා තිබුණා.

මෙම නඩුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක ඉදිරියේ අද (07) කැඳවූ අවස්ථාවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුවට අදාළ විත්තිකරුවන්ට එරෙහිව ස්ථීර ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ නීතිපතිවරයා අධිචෝදනා ගොනු කර ඇති බවයි.

ඒ අනුව විත්තිකරුවන්ට සැප්තැම්බර් මස 10වනදා ස්ථිර ති‍්‍රපුද්ගල මහාධිකරණයේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කර ඇති බවද පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා. අදාළ නඩුව අවසන් කිරීමට මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේ ඒ අනුවයි.