Tuesday, May 21, 2024

General line - 0115112241

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දළ කෙටුම්පතක් ලගදීම

දිල්ශාන් තුෂාර




යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දළ කෙටුම්පතක් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අද (07) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා. ඒ, වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ති‍්‍ර උදය ගම්මන්පිල යොමු කර තිබූ ප‍්‍රශ්ණයකට ප‍්‍රතිචාර දක්වමින්. 

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවෙන් බුදු දහම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති නිර්දේශ පිළිබඳ විමසා තිබූ මෙම ප‍්‍රශ්ණයට පිළිතුරු ලබා දුන්නේ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරායි. 

බුද්ධාගමට ලබා දිය යුතු ප්‍රමුඛස්ථානය ලබාදිය යුතු බවට අගමැතිවරයා අනුකමිටුවේ අතුරු වාර්තාවේදී දක්වා තිබෙන බව මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී උදය ගම්මන්පිල මන්ත්‍රිවරයාගේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් කියා සිටියා. මෙහිදී ඇතිවූ සංවාදය පහතින් 

මේ අතර මෝටර් රථ දෙපාර්තමේන්තුව මගින් රියදුරු බලපත‍්‍ර නිකුත් කිරීමේදී සිදු කරන පරික්ෂා කටයුතු පෞද්ගලික අංශයට ලබා දීමේ සූදානමක් ඇත්දැයි පාර්ලිමේන්තු මන්ති‍්‍ර සුනිල් හඳුන්නෙත්ති ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහගෙන් ප‍්‍රශ්ණ කළා.