Friday, May 17, 2024

General line - 0115112241

වස මිශ්‍ර කිරි පැකට් බෙදු එජාප මන්ත්‍රි ගැන ඒකාබද්ධයෙන් හෙළිදරව්වක්

මහේෂ් චතුරංග




‘‘ජනබලය කොළඹට’’ විරෝධතාව අසාර්ථක නම් වහාම මැතිවරණ පවත්වන්නැයි ආණ්ඩුවට අභියෝග කරන බව ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. අද පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ති‍්‍ර ෂෙහාන් සේමසිංහ මේබව කියා සිටියා. 

ජනබල මෙහෙයුම සාර්ථක නැහැ කියලා විවිධ පිරිස් සමච්චලයට ලක් කරනවා අපි දැක්කා සෙනග නැහැ කියලා. ලක්ෂ දෙකක් ලංකාව වටෙන් ඇවිල්ලා කොළඹට ආණ්ඩුවට එරෙහිව විරෝධය ප්‍රකාශ කරද්දී ඒ සෙනග කුඩා සෙනගක් හැටියට එක්සත් ජාතික පක්ෂයට සහ ආණ්ඩුවට දකින්න පුළුවන් මම හිතන්නේ ඔවුන්ගේ දර්ශනයේම ගැටලුවක්. අපි ආණ්ඩුවට අභියෝග කරනවා හෙටම මැතිවරණය තියන්න කියලා. ආණ්ඩුවට කිසිම ශක්තියක් නැහැ මැතිවරණය තියන්න යැයි මෙහිදී මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටියා.

මේ අතර මෙම විරෝධතාවට සහභාගී වූ පිරිසකට ආසාත්මිකතාවක් ඇති කළ කිරි පැකට් ලබා දීම පිටුපස සිටින්නේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ති‍්‍ර මුජිබර් රහුමාන් දැයි සැක මතු වන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

අපි ඉතාම කණගාටු වෙනවා මහන්සි වෙලා තහට්ටු වෙලා බඩගින්නේ සිටින මිනිස්සුන්ට කිසියම් ආකාරයක වස හෝ එවැනි ද්‍රවයක් මිශ්‍ර කරපු කිරි පැකට් ලබාදීලා කියන මතය තමයි ජනතාව තුල තියෙන්නේ. අපි කණගාටු වෙනවා මොකද කවදාවත් බඩගින්නේ සිටින මිනිස්සුන්ට වස හෝ විස මිශ්‍රිත ආහාර හෝ වෙනත් දේවල් ලබාදීම අපේ සදාචාරයේ නැහැ. මේ සිදුවීමෙන් පස්සේ අපි දකිනවා මධ්‍යම රාත්‍රියේදී අපේ විරෝධතාවය අවසන් වුවාට පසුව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන් පිරිසක් සංචාරයේ යෙදෙනවා. ඒ අතර වාරයේදී මුජිබර් රාහුමාන් මන්ත්‍රිවරයාට මතක් වෙනවා මේ කිරි බිලා අසනීපව සිටින අයව. එතුමා යනවා ඔවුන්ව බලන්න. අපිට සාධාරණ සැකයක් එනවා මේ වස හෝ විස මිශ්‍ර කිරි පැකට් බෙදපු පිරිස මෙහෙයුවේ මුජිබර් රහුමාන් මන්ත්‍රිවරයාද කියලා.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර ඞී වී චානක නෙත් නිවුස් වෙත කියා සිටියා.