Friday, May 17, 2024

General line - 0115112241

පොලිපති සහ පොලිස් කොමිසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවට

සමන්ත කුමාර/ දිල්ශාන් තුෂාර




පොලිස්පති පූජිත් ජයසුන්දර සහ ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයින් අද (07) පස්වරුවේ කතානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව හමුවට කැඳවා තිබුණා. ඒ, පොලිස් කොමිසම ලබා දුන් නියෝග කිහිපයක් කි‍්‍රයාත්මක නොකිරීම සම්බන්ධයෙන් පොලිස් කොමිසම කතානායකවරයා වෙත කර තිබූ ලිඛිත දැනුම් දීමකට අනුවයි. 

දෙපාර්ශවය අතර කටයුතු කිරීමේදී මතුව ඇති ගැටලූ පිළිබඳ මෙහිදී පුලූල් ලෙස අවධානය යොමු කෙරුණූ බවයි කතානායක මාධ්‍ය අංශය සඳහන් කළේ. නොවිසඳී ඇති සියලූ ගැටලූ දින 14ක් තුළ නිරාකරණය කර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව දැනුවත් කරන ලෙස පොලිස් කොමිසමට සහ පොලිස්පතිවරයාට මෙහිදී දැනුම් දී ඇති බවද කතානායක මාධ්‍ය අංශය සඳහන් කළා.