Saturday, January 18, 2025

General line - 0115112241

උතුරේ ඉවත් කරන්න හමුදා කඳවුරු නැහැ! හමුදාවේ වර්තමාන තත්ත්වය ෆොන්සේකා හෙළි කරයි




රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් තමාගේ කිසිම පැහැදීමක් නැතැයි අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා.

එදා තමා යටතේ සිටි හමුදා සාමාජිකයින් ජවයකින් හා යහපත් මානසික මට්ටමකින් සිටි බව පැවසූ ඔහු අද එවැනි තත්ත්වයක් නොමැති බව පෙන්වා දෙනවා. යුද්ධයක් නැති බැවින් දැනට ගැටළුවක් නොවුවද හදිසියේ යුද්ධයක් මතුවුවහොත් මේ පවතින තත්ත්වය මත ගැටුළු ඇතිවිය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

උතුරු නැගෙනහිර පළාත්වල ඇති හමුදා කඳවුරු මූලස්ථානයේ තීරණ මත ඉවත් කළත් ක්ෂේත්‍රයේ සිටින නිලධාරීන්ගේන් ඒ සම්බන්ධයෙන් නිසි විමසීමක් කර නොමැති බව තමාට දැනගන්නට ලැබුණු බව පවසන අමාත්‍යවරයා, හිතුමතේ ඉවත් කිරීමට එම ප්‍රදෙශවල හමුදා කඳවුරු නොතිබූ බවද පවසනවා. ජනතාවගේ ඉඩම් ලබාදීමට කඳවුරු ඉවත් කළද ඒවා වෙනස් ස්ථානවල ස්ථාපිත කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසුවා.