Tuesday, May 21, 2024

General line - 0115112241

කෝට්ටේ දළදා පෙරහර මංගල්‍යයේ අවසන් මහ පෙරහැර අද

ලහිරු කපුගේ




ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ් වාර්ෂික දළදා පෙරහර මංගල්‍යයේ අවසන් මහ පෙරහැර අද (08) රාති‍්‍රයේ වීථි සංචාරය කෙරෙනවා.

කෝට්ටේ රාජමහා විහාරාධිපති පූජ්‍ය අලූත්නුවර අනුරුද්ධ නා හිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි උඩරට, පහතරට හා සබරගමු නර්තන ඇතුලූ විවිධ අංග රැසකින් සමන්විතව පෙරහර සංවිධාන කර තිබෙනවා. අලි ඇතුන් 30 දෙනෙකු පමණ අද පෙරහැරට එක් කිරීමට නියමිත බවයි පෙරහැර සංවිධායක කමිටුව පැවසුවේ.

ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරයේ වාර්ෂික දළදා පෙරහර මංගල්‍යය මෙවර පැවැත්වෙන්නේ 118 වන වරටයි.