Friday, May 17, 2024

General line - 0115112241

මුහුදේ පාවෙමින් තිබුණ KG තොගයක් අල්ලයි




මන්නාරම, මුලන්කාවිල් මුහුදු තීරයේ පාවෙමින් තිබූ කේරළ ගංජා අඩංගු පාර්සල් 07ක් නාවික හමුදාව විසින් සොයා ගෙන තිබෙනවා.

මුලන්කාවිල් පොලීසිය පැවසුවේ එම පාර්සල් 07 තුළ කේරළ ගංජා කිලෝ 284ක් අඩංගුව තිබූ බවයි. මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටින ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බවද මුලන්කාවිල් පොලීසිය පැවසුවා.