Friday, May 17, 2024

General line - 0115112241

නිවෙස් වලට ඇතුලූ වී පුද්ගලයින් බිය ගන්වා කොල්ල කෑ 5ක් අල්ලයි




ගල්කිස්ස පොලිස් වසමට අයත් නිවෙස් වලට ඇතුලූ වී පුද්ගලයින් බිය ගන්වා මුදල් හා දේපළ කොල්ලකැම් ගණනාවකට සිදු කළ සැකකරුවන් 05දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගල්කිස්ස කොට්ඨාශ නොවිසඳුනු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින්. අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් සන්තකයේ තිබී ජංගම දුරකථන 04ක්, රූපවාහිනි යන්ත‍්‍ර 02ක්, ටැබ් යන්ත‍්‍රයක්,  සහ රන් මාලයක් උකස් කරන ලද රිසිට්පතක් සොයා ගෙන තිබෙනවා. අපරාධ කිරීම සඳහා යොදා ගත් කඩු 02ක් සහ ප්ලාස්ටික් පිස්තෝලයක් ද සිය සොයා ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ.