Tuesday, May 21, 2024

General line - 0115112241

අනියම් බිරිඳගේ ගැටළුව විසදිමට ගිය පොලිස් පරික්ෂකට පැමිණිලිකරුගෙන් ප්‍රහාරයක්

සම්පත් කුමාර




තම අනියම් බිරිඳ නිතර නිතර පැමිණ මුදල් ඉල්ලා කරදර කරනන බවට පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලක් විභාග කිරීමේදී ඇතිවූ සිද්ධියක් සමතයකට පත්කිරීමට උත්සාහ කළ මොරටුව පොලිසියේ අපරාධ අංශයේ සථානාධිපතිවරයාට පැමිණිළිකරු විසින් පහර දී තිබෙනවා. පොලිස් පරීක්ෂකවරයා රෝහල්කතකොට ඇති අතර පහරදුන් පැමිණිළිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

තම අනියම් බිරිඳ වන අනුපමා නිශාන්ති නිතර නිතර පැමිණ මුදල් ඉල්ලා සිටින බව පවසමින් ෆිලික්ස් ප්‍රනාන්දු නම් අයෙකු විසින් ⁣මොරටුව පොලිස්ථානයේ සුළු පැමිණිලි අංශයේ සටහන් කරන ලද පැමිණිල්ලක් අද විභාගයට ගනු ලැබුවා. මෙම පැමිණිල්ල විභාග කිරිමට විත්ති පාර්ශ්වය හා පැමිණිලි පාර්ශ්වය ගෙන්වා විභාග කරමින් සිටියදි පැමිණිලිකරුගේ බිරිඳ හා දියණියද පැමිණ ඇති අතර ඔවුන් දෙදෙනා විසින් මොරටුව පොලිස්ථානයේ සුළු පැමිණිලි අංශයේදි වග උත්තරකාර කාන්තාව වෙත පහරදි තිබෙනවා. 

මෙම පහරදිම වලක්වාලීමට කටයුතු කළ එම ස්ථානයේ රැඳී සිටි අපරාධ අංශයේ ස්ථානාධිපති හට පැමිණිලිකරු වන ෆිලික්ස් ප්‍රනාන්දු විසින් පහරදී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පැමිණිලිකරැ අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරු අද දින (08) මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය. පහරකෑමට ලක්වු පොලිස් පරික්ෂකවරයා පානදුර රොහලේ නේවාසිකව ප්‍රතිකාර ගනු ලබනවා.

 මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ මොරටුව පොලිස්ථානය විසින් සිදුකරනු ලබයි.