Tuesday, May 21, 2024

General line - 0115112241

අපේ අකමැත්තෙන් කිසිවක් කරන්න දෙන්නේ නැහැ - වෛද්‍යවරු යළි ගැටුමකට සැරසෙති

සමන්ත කුමාර/ ලහිරු කපුගේ




නව වෛද්‍ය සභාවක් පිහිටුවීමේදී සිය එකඟත්වයකින් තොරව සිදු කරන කිසිඳු කටයුත්තකට සහය ලබා නොදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මාස 02ක කාලයක් තුළ නව වෛද්‍ය ආඥා පනත කෙටුම්පත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් මේ බව කියා සිටියා. 

මේ අතර වෛද්‍යවරුන් ඉලක්ක කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකය සිදු කරන කි‍්‍රයා සම්බන්ධයෙන් ලබන 17වනදා රැස්වන මධ්‍යම කාරක සභාවේදී තීන්දුවක් ගන්නා බවද වෛද්‍ය නලින්ද හේරත් වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.