Wednesday, May 22, 2024

General line - 0115112241

විශේෂ මෙහෙයුමකින් බීමත් රියදුරන් 451 දෙනෙකු අත්අඩංගුවට

හේමන්ත කහවලගේ




දිවයිනම ආවරණ පරිදි පොලිස් නිලධාරීන් අද (08) සිදුකළ විශේෂ මෙහෙයුමකදී පුද්ගලයන් 3,593 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස්පති පූජිත් ජයසුන්දරගේ නියෝග මත අද අළුයම තුනේ සිට පෙරවරු 7 දක්වා මෙම මෙහෙයුම සිදුකළ බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. 

එහිදී බීමත් රියදුරන් 451 ක් අත්අඩංගුවට ගැණුනා. මෙම මෙහෙයුමේදී වරෙන්තුකරුවන් 1,111 දෙනෙක් අත්අඩංගුවට ගැණුනු බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ. අත්අඩංගුවට ගැණුනු පිිරිස අතර විවිධ අපරාධ සම්බන්ධයෙන් 978 ක් දෙනෙකුද වනවා. 

හෙරොයින්, වෙනත් මත්ද්‍රව්‍ය හා නීති විරෝධී මධ්‍යසාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු පිරිස 947 ක්. බලපත‍්‍ර නොමැති ගිනි අවි සමග දෙදෙනෙකුද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම මෙහෙයුමේදි රථ වාහන නඩු 6,542 ක් ද ලබාගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසුවේ. දිවයිනම ආවරණ වන පරිදි සිදුකළ මෙම මෙහෙයුමට සහභාගි වූ පොලිස් නිලධාරීන් ගණන 17,155 ක්.