Tuesday, May 21, 2024

General line - 0115112241

ජනතාවගේ මතය ඒකාබද්ධය හදුනා ගෙන නැහැ - අගමැති

ජූඞ් සමන්ත




ඒකාබද්ධ විපක්‍ෂයට තවමත් ජනමතය හදුනා ගැනීමට නොහැකි වී ඇති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. අග‍්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ හලාවත පැවති එක්සත් ජාතික පක්‍ෂයේ පුත්තලම දිස්ති‍්‍රක් බලමණ්ඩල රැස්වීම අමතමින්.

ජනතාවගේ මතය මොකක්ද කියලා ඒ අය දැනගත්තේ නැහැ. ජනතා මතය කුමක්ද කියලා අපි දැනගත්තා 2015 දී. ඒක ඉෂ්ඨ කරන්න පොරොන්දු උනා. දැන් ඒ වැඩකටයුතු කරන්න ඕන. නොකරනවානම්  ඒ ජන්දය අපෙනුත් ඈත් වෙයි. අපි ඒ ජන්දය ලබාගන්නට ඕනේ. අපි සමහර දේවල් හොදට කරලා තියනවා. ප්‍රජාතන්ත්‍රවාදය අපි හොදට තහවුරු කරලා තියනවා. දැන් මාධ්‍ය බනින්නේ අපිට විතරයි. මේ අයට බනින්නේ නැහැ. අසාර්ථක උද්ඝෝෂණයක් කළා කියලා බැනලා තියනවද? ඒ අයගේ මන්ත්‍රිවරුන් බැනලා තියනවා. මාධ්‍ය බනින්නේ නැහැ. ඒක හරි පුදුමයි. පාර්ලිමේන්තුවට ගියාම මන්ත්‍රිවරු බනිනවා. මාධ්‍ය කියන්නේ මේක හොදයි කියලා. 

උද්ඝෝෂණ සදහා ජනතාව කොළඹට කැදවූ ඒකාබද්ධ විපක්‍ෂයට සැලසුමක් හෝ විකල්පයක් නොමැති බවයි අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.