Sunday, May 5, 2024

General line - 0115112241

එස් එල් ටී ස්පීඞ් අප් පාපැදි සවාරියේ කාන්තා සමස්ත ශූරතාව මධුමාලිට

කසුන් කැලුම්




එස් එල් ටී ස්පීඞ් අප් පාපැදි සවාරියේ කාන්තා තරගයේ සමස්ත ශූරතාව දිනා ගැනීමට ලෙමර් ප්‍රෝ කී‍්‍රඩා සමාජය නියෝජනය කළ මධුමාලී ප‍්‍රනාන්දු සමත් වුණා.

කාන්තා පාපැදි සවාරිය අදියර දෙකකින් සමන්විත වූ අතර දෙවන ස්ථානය හිමිවූයේ ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ පංචාලි සුලෝචනාටයි. 3 වන ස්ථානය සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කළ නිලූකා ශ්‍යාමලී දිනාගත්තා.

පිරිමි තරගයේ සමස්ත ශූරතාව දිනාගත්තේ ශී‍්‍ර ලංකා යුද හමුදාව නියෝජනය කළ ගිහාන් පුෂ්ප කුමාරයි. ඔහුට හිමිවන මුදල් ත්‍යාගය රුපියල් මිලියනයක්.