Saturday, May 18, 2024

General line - 0115112241

ප්‍රසිද්ධ පාසලක් ඉදිරිපිට නවතා තිබූ බස් රථය එකවරම ගිනි ගනී (PHOTOS)

සම්පත් කුමාර




මොරටුව වේල්ස් කුමාර විදුහල ඉදිරිපිට මාර්ගයේ නවතා තිබු මාර්ග අංක 101 මොරටුව පිටකොටුව මාර්ගයේ ගමන් කරනු ලබන පුද්ගලික බස් රථයක් ගිනි ගෙන විනාශ වී තිබෙනවා.  

අද (09) අළුයම 03.00 පමණ මෙම ගිනි ගැනීම සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ. 

මෙම සිදුවිමෙන් බස් රථය සම්පුර්ණයෙන් විනාශ වි ඇති අතර තුවාලකරුවන් කිසිවෙකුත් වාර්තා නොවන බවයි සඳහන් කෙරුණේ.

මෙය ගිනි ගැනිමක්ද නැතහොත් කඩාකප්පල්කාරි ක්‍රියාවක්ද යන්න සම්බන්ධයෙන් මොරටුව පොලිස්ථානය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබනවා.