Saturday, May 18, 2024

General line - 0115112241

ජාත්‍යන්තර පොලීසිය රතු නිවේදන නිකුත් කර සිටි මෙරටට අවශ්‍ය සැකකරුවෙක් අල්ලයි




ජාත්‍යන්තර පොලීසිය රතු නිවේදන නිකුත් කර සිටි, මෙරටට අවශ්‍ය පුද්ගලයෙකු තායිලන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මෙරටට අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරුවෙකු වන මොහු සාලිය පෙරේරා නැමැති අයෙක්. 

තායිලන්තයේ බැංකොක් නුවරදී අත්අඩංගුවට පත්ව ඇති මොහු, මෙරටට ගෙන්වා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා සිදු කරමින් ඇති බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.