මොරටුව පොලිසිය විසින් ඊයේ (10) රාත්‍රියේ සිදු කෙරුණු හදිසි රථ වාහන පරීක්ෂාවකදී තමන් පීඩාවට පත්වූ බවට නෙත් නිවුස් වෙත කතා කළ රියදුරන් කිහිප දෙනෙකු චෝදනා කළා.
ඔවුන් පැවසුවේ තමන් බීමත්ව සිටින බව පවසමින් පරීක්ෂාවන්ට ඉදිරිපත් වන්නැයි නිලධාරීන් අයථා ලෙස බලපෑම් කළ බවයි.
රථ වාහන පරීක්ෂාවන්ට එරෙහි නොවන නමුත් එවැනි පරීක්ෂාවන්වලදී නිලධාරීන් මීට වඩා විමසිලිමත්ව සහ වගකීමකින් යුතුව කටයුතු කළ යුතු බවයි පීඩාවට පත්වූ මෙම රියදුරන් වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර හදිසි රථ වාහන පරීක්ෂා කිරීම්වලදී පොලිස් නිලධාරීන් අයථා ලෙස හැසිරීම සම්බන්ධයෙන් ඉකුත් සතියේ ප්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනේ දී ද ශ්‍රාවක පැමිණිලි ඉදිරිපත් වුණා.
නිලධාරීන් ඇතැම් විට අල්ලස් ද ඉල්ලා සිටින බවයි එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.
ඊට ප්‍රතිචාර දැක්වූ රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ "ඔබගේ වාහනය නවත්වන විට ඔබ සමග පිටිපස අසුන්වල තවත් අය ඉන්න පුළුවන්. ඒ අයට හරි කියන්න දැන් වාහනය පොලිසියෙන් නවත්වනවා..එයා මොනවද කරන්නේ කියලා වීඩියෝ කරන්න කියලා. ඔබ විතරක් ඉන්නවා නම්..පොඩි හෝ බයක් තියෙනවා නම් ෆෝන් එකේ වොයිස් රෙකෝඩරය හරි ඔන් කරලා තියන්න පුළුවන්නේ. එහෙම කරලා මගේ [email protected] කියන විද්‍යුත් තැපෑලට එවන්න. පැමිණිල්ලත් ඇති..ඒකත් හරි. නමුත් දැන් මේ තාක්ෂණය තියෙනවා නේ. ඒකෙනුත් ප්‍රයෝජන ගන්න." යනුවෙනි.
තමන් වෙත ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් කඩිනමින් සුදුසු පියවර ගන්නා බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.