Sunday, January 19, 2025

General line - 0115112241

"දැන් කීයක්ද අපි වැඩි කරන්න ඕනේ" - ඉන්ධන මිල වැඩිවීම ගැන ජනතාව කියන කතා (VIDEO)

මහේෂ් චතුරංග




ඊයේ (10) මධ්‍යම රාත‍්‍රියේ සිට ඉන්ධන මිල වැඩිකර තිබීම ගැන ජනතාව විවිධ අදහස් පළ කරනවා.

ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 පෙට‍්‍රල් මිල ලීටරයක් රුපියල් 04කින් වැඩි කෙරුණු බවයි මුදල් අමාත්‍යංශය පැවසුවේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 149ක්ද, ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 161ක් ද වනවා. 

ඔටෝ ඞීසල් මිල වැඩිකර ඇත්තේ ලීටරයක් රුපියල් 5කින්. ඒ අනුව ඔටෝ ඞීසල් ලීටරයක නව මිල රුපියල් 123ක් වනවා. සුපර් ඞීසල් මිල ලීටරයක් රුපියල් 03කින් වැඩි කෙරුණු බවයි මුදල් අමාත්‍යංශය පැවසුවේ. ඒ අනුව සුපර් ඞීසල් ලීටරයක නව මිල රුපියල් 133ක් වනවා. 

ඉන්ධන මිල මෙලෙස වැඩි කර ඇත්තේ ඉන්ධන මිල සූත‍්‍රයට අනුවයි. මෙම මිල සූත‍්‍රයට අනුව මසකට වරක් ඉන්ධන මිල සංශෝධනය කෙරෙනවා.

(ඒ සම්බන්ධයෙන් ජනතාව දක්වන අදහස් පහතින් දැක්වෙයි)