සිය ඉණේ ගසාගෙන සිටි මත්පැන් බෝතලය කුඩුවී උදර ප්‍රදේශයට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් මිය ගිය බව කියන තරුණයෙකු පිළිබඳ අම්බලන්තොට පොලිසියෙන් වාර්තා වෙනවා.
මාමඩල හංගන්වගුර මාර්ගයේ දී තරුණයකු සිය යතුරුපැදිය නතර කිරීමට ගිය විට යතුරුපැදියත් සමඟ වැටී ඔහු මෙම සිද්ධියට මුහුණ දී තිබෙනවා.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ මාමඩල ඇළේගොඩ බටහිර රණවිරු මාවතේ පදිංචි ලියනපතිරණගේ දිල්ශාන් ලක්ෂිත නැමති 23 හැවිරිදි අයෙක්.
මෙම අනතුරෙන් තුවාල ලැබූ ඔහු හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත් වී ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.