Sunday, January 19, 2025

General line - 0115112241

දුර අනුව දුම්රිය ගාස්තු වැඩි වෙන හැටි පැහැදිළි කෙරේ

දිල්ශාන් තුෂාර




ඔක්තෝබර් මස පළමු වැනිදා සිට ක‍්‍රියාත්මක වන පරිදි දුම්රිය ගාස්තු වැඩි කිරීමට යෝජනා වී තිබෙනවා.

එලෙස වැඩි කිරීමෙන් පසු නව ගාස්තු සකස් වන්නේ කෙසේදැයි නෙත් නිවුස් විමසා බැලීමක් කළා. දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වාණිජ අධිකාරී එන්. ජේ. ඉඳිපොලගේ පැවසුවේ රුපියල් 10ක අවම ගාස්තුව සඳහා වන දුර කිලෝමීටර් 09 සිට කිලෝමීටර් 07ක් දක්වා අඩු කරන බවයි.

උදාහරණයක් ලෙස මේ වනවිට කොළඹ කොටුවේ සිට හුණුපිටිය දක්වාම අය කෙරෙන ගාස්තුව රුපියල් 10ක්. එහෙත් සංශෝධනයෙන් පසු රුපියල් 10ක ගාස්තු අය කෙරෙන්නේ කොළඹ කොටුවේ සිට කැලණිය දක්වා පමණයි.

කොළඹ කොටුවේ සිට හුණුපිටියට ගාස්තුව රුපියල් 15ක් වනවා.

කොළඹ කොටුවේ සිට මහරගම දක්වා ගාස්තුව රුපියල් 25 දක්වා ද, කොළඹ කොටුවේ සිට ගම්පහ දක්වා ගාස්තුව රුපියල් 30 දක්වා ද වැඩි වනු ඇති. 

දුරගමන් සැලකීමේදී කොළඹ කොටුවේ සිට ගාල්ල දක්වා වන ගාස්තුව රුපියල් 105 සිට රුපියල් 135ක් දක්වා වැඩි කිරීමට නියමිතයි.

කොළඹ කොටුවේ සිට මහනුවරට ගාස්තුව රුපියල් 110 සිට රුපියල් 140ක් දක්වා ද කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ගාස්තුව රුපියල් 205 සිට රුපියල් 275 දක්වා ද වැඩි කරනු ඇති.

දුම්රිය ගාස්තු මෙලෙස සංශෝධනය කෙරෙන්නේ 2008 වසරෙන් පසු පළමු වරටයි.