ශ‍්‍රී ලාංකිකයෙකුව ඉපිද පසුව වෙනත් රටක පුරවැසිභාවය ලබාගත් තැනැත්තන් ආයෝජන සහ සේවා සඳහා නැවත ශ‍්‍රී ලංකාවට කැඳවා ගැනීමට ඔවුන් වෙනුවෙන් ස්ථීර නේවාසික පහසුකම ලබාදීමට යෝජනා වී තිබෙනවා.
ඔවුන් දැනට පුරවැසිභාවය දරණ රටේ නීතියට අනුව ශ‍්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගත නොහැකි තැනැත්තන්ට මෙම පහසුකම ලබාදෙන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ.
එහි පාලක, වීසා හා ප‍්‍රත්‍යන්ත පාලන චාමින්ද හෙට්ටිආරච්චි ඒ පිළිබඳව වැඩි දුරටත් දැක්වූ අදහස් පහතින් දැක්වෙයි.
දැනට ඉදිරිපත් වී තිබෙන යෝජනාවට අනුව උපතේදී ශ‍්‍රී ලාංකිකයෙකු වූ තැනැත්තන්ට හැර වෙනත් අයට මෙම පහසුකම නොලැබෙන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. මෙම පහසුකම ලබාදීමේ දී සලකා බලන සෙසු කරුණු කිහිපයක් ද තිබෙන බවයි වැඩිදුරටත් විස්තර කෙරුණේ.
අදාළ යෝජනාවට ප‍්‍රතිපත්තිමය වශයෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයිද, දැන් සිදු කෙරෙන්නේ එහි නීති කෙටුම්පත් කිරීම බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.