හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ හෙට (12) දිනය දක්වායි.
හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇතුළු 03 දෙනෙකු අද (11) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර පසුගිය 03 වැනිදා නියෝග කර තිබුණා.
ඒ, සතොස මුදල් අවභාවිත කළ බව පැවසෙන සිද්ධියකට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීයි.