රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසිට එරෙහි නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 19දාට අද (11) කල් තැබුණා. රාජ්‍ය අමාත්‍යවරයා ජේෂ්ඨ අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ සමයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලබාදුන් ජීප් රථයක් සිය පරිහරණයට යොදා ගැනීමෙන් දූෂණය නැමැති වරද කර ඇති බවටයි අදාළ නඩුව පවරා ඇත්තේ.
එම නඩුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක හමුවේ අද විභාගයට ගැණුනා. ඉහත නියෝගය නිකුත් කෙරුණේ එහිදීයි.