Sunday, January 19, 2025

General line - 0115112241

නීති විරෝධි ලෙස තනතුරක් ඇති කළැයි හිටපු ඇමතිට පැවරූ නඩුව විභාගයට පියවර




හිටපු අමාත්‍ය ප‍්‍රියංකර ජයරත්නට එරෙහිව නඩුව ඔක්තෝම්බර් මස 19 දා විභාගයට ගැනීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අද (11) නියෝග කළා. ඒ, ඔහු 2011 - 2012 අතර කාලය තුළ සිවිල් හා ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි සමයේ සිදුවු සිද්ධියකට අදාළ නඩුවක් අද කැදවූ අවස්ථාවේදීයි.

නීති විරෝධි ලෙස තනතුරක් ඇති කර ඔහුගේ පුද්ගලික ලේකම්වරයා ඊට පත් කිරීමෙන් ආණ්ඩුවට පාඩුවක් සිදු කළ බවටයි හිටපු අමාත්‍යවරයාට චෝදනා එල්ල වී ඇත්තේ. මෙම නඩුව සම්බන්ධයෙන් ඉහළ අධිකරණයට අභියාචන පෙත්සමක් ගොනු කර ඇති බව විත්තියේ නීතිඥවරයා අධිකරණයට අද දන්වා සිටියා. ඒ හේතුවෙන් නඩු විභාගය කල් තැබීමටයි නියෝග කෙරුණේ.

හිටපු අමාත්‍ය ප‍්‍රියංකර ජයරත්න සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරයා මේ වන විට ඇප මත මුදාහැර සිටිනවා.