නේපාලයට අවේණික ‘‘සැන් මර්සානෝ’’ නමැති තක්කාලි ප‍්‍රභේදය ශ‍්‍රී ලංකාව තුළ වගාකිරීම සඳහා මේ වනවිට අත්හදා බැලීම් ආරම්භ කර තිබෙනවා. බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ කෘෂිකර්ම නිලධාරින් විසින් දැනට මෙම තක්කාලි විශේෂය වගා කිරීම ආරම්භ කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ.
අනෙකුත් තක්කාලි ප‍්‍රභේදවලට සාපේෂ්කව වඩා ඉහළ අස්වැන්නක් මෙමඟින් ලබාගත හැකි බවටයි අනාවරණ වී ඇත්තේ. වැලක් වශයෙන් මෙම තක්කාලි ශාකය වැවෙන අතර එහි උස මීටර් 1.8ක් පමණ වන බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ. වෙළඳපොලේ ඉහළ ඉල්ලූමක් ඇති මෙම තක්කාලි වගාව ප‍්‍රචලිත කිරීම තුළින් ගොවීන්ට ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි බවද ප‍්‍රකාශ කෙරුණා.