Sunday, January 19, 2025

General line - 0115112241

පානදුර වෙරළ තීරයේ නීති විරෝධී රා තැබෑරුම

ලහිරු කපුගේ




පානදුර වෙරළ තීරයේ නීති විරෝධීව පවත්වාගෙන යන රා තැබෑරුම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී පොලිසියට පැමිණිලි කළද මේ දක්වා ඊට නිසි ක‍්‍රියාමාර්ග ගෙන නොමැති බව පානදුර නගර සභාව පවසනවා. එහි සභාපති නන්දන ගුණතිලක කියා සිටියේ මෙම රා තැබෑරුම ආශ‍්‍රිතව වෙනත් නීති විරෝධි ක‍්‍රියාද සිදුවන බවයි. 

ප‍්‍රශ්නගත රා තැබෑරුම සම්බන්ධයෙන් ඉදිරි දිනකදී තමන් නැවත වරක් පොලිසියට පැමිණිලි කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.