ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කළ ජනබලය කොළඹට විරෝධතාවයේදී ලබාදුන් කිරි පැකට් විෂවීමේ සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් සභාවේදී අද (11) උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒ, අදාළ සිද්ධිය පාදක කර ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්තී‍්‍රවරුන් පිරිසක් අදහස් පළ කිරීමත් සමගයි.
එක් මන්තී‍්‍රවරයෙකු කිරි පැකට්ටුවක ආකෘතියක් සකසා ගෙන පැමිණ තිබූ අතර ඊට එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරුන් දැක්වූයේ දැඩි විරෝධයක්. එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්තී‍්‍රවරුන් චෝදනා කළේ විෂ කිරි පැකට් බෙදාදීමේ සිද්ධියට එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන්ද සම්බන්ධ බවයි. එහෙත් එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරුන් එම ප්‍රකාශයට දැඩි විරෝධය පළ කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ.