මුලතිව් අලම්පිල් මුහුදු වෙරළට ගොඩ ගැසු අඩි 25කට වැඩි දිගින් යුත් විශාල මිණි මුතු මෝරෙකුගේ දිවි බේරා ගැනිමට නාවික හමුදාවේ භට පිරිස් ඊයේ (10) සමත්ව තිබෙනවා.
බරින් ටොන් එකහාමාරකට ආසන්න වු මෙම දැවැන්ත මිණි මුතු මෝරා අලම්පිල් මුහුදු වෙරළට ගොඩ ගසා තිබුනේ ඊයේ සවස 3:00ට පමණය.
මුලතිව් වඩුවාක්කල් හි පිහිටි "ගෝඨාභය" නාවික හමුදා කදවුරේ අණදෙන නිළධාරිවරයා ප්රමුඛ නාවික භටයින් 30 දෙනෙකුගේ මැදිහත් විම මත මෙම විශාල මිණි මුතු මෝරා යලි දියඹ මුහුදට රැගෙන යාමේ භාරදුර මෙහෙයුම සිදුකර තිබෙනවා.
නාව්ක හමුදාවේ භට පිරිස් විසින් කඹ ආධාරයෙන් හා නාවික හමුදා යාත්‍රාවක්ද සහයට ගෙන ඇති අතර මහත් ආයාසයක් දරා මිණි මුතු මෝරා නිරුපද්‍රිතව යලි දියඹ මුහුද කරා රැගෙන යාමට කටයුතු කරනු ලැබුවා.
මෙම මෝරා බේරා ගැනිමේ මෙහෙයුම සදහා නාවික හමුදා භට පිරිස් හට පැය තුනකට අධික කාලයක් ගතවි ඇති බව වාර්තා වුනා.
වසර 70-100ක් පමණ ආයු කාලයක් සහිත මිණි මුතු මෝරා වදවී යන සත්ව කොට්ඨාෂයට අයත් මත්ස්‍යයෙක් ලෙස නම් කර තිබෙනවා.