ඉන්ධන මිළ වැඩි කිරිම සම්බන්ධයෙන් ප‍්‍රවාහන සංගම් රැසක් අද මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් පළ කළා. මේ, ඊට එක් වූ අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර.
ලංකා ස්වයං රැුකියා වෘත්තිකයින්ගේ ජාතික ති‍්‍රරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධනද මෙම මාධ්‍ය හමුවට එක්ව සිිටියා.
ඉන්ධන මිළ වැඩි කිරීම හේතුවෙන් කුඩා කර්මාන්තකරුවන්ද දැඩි අර්බුදයකට ලක්වන බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක නිලූක් ශාන්ත කුමාර මෙහිදී පැවසුවා. සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත්ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා.