Sunday, January 19, 2025

General line - 0115112241

ලොව පුරා රැකියාවල නිරතවන්නන් සඟවා සිටින කරුණු නවතම සමීක්ෂණයකින් හෙළිවෙයි

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලොව පුරා සිටින සේවා නියුක්තිකයින්ගෙන් අඩක් පමණ දුර්වල මානසික සෞඛ්‍ය තත්ත්වයෙන් පීඩා විඳින බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

සේවා නියුක්තිකයින් 44,000ක් පමණ යොදා ගනිමින් මෙම සමික්ෂණය සිදු කර තිබුණා.

ඉන් බහුතරයක් සිය සේවා කාලය අතරතුරදී මානසික පීඩනය, කාන්සිය හෝ හීන වූ මනෝභාවයකින් පෙළෙන බවයි එහිදි අනාවරණ වී ඇත්තේ.

එසේම බය, ලැජ්ජාව සහ රැකියාවේ ඇති අනාරක්ෂිතභාවය හේතුවෙන් බොහෝ පුද්ගලයින් සිය ගැටලූකාරී තත්ත්වයන් සඟවා ගෙන රාජකාරියේ නිරත වන බව මෙම සමීක්ෂණයෙන් වැඩිදුරටත් අනාවරණ වී තිබෙනවා.