හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (12) පැය තුන හමාරකට අධික කාලයක් ප්‍රකාශයක් ලබා ගත්තා. ඒ, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට අදාළවයි. අද පෙරවරු 10.15ට පමණ හිටපු ආරක්ෂක ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඔහු ඉන් පිටව ගියේ පස්වරු 01.50ට පමණයි.
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශයක් ලබාගත්තා.
--------------------------------------
ගෝඨා CIDයට එයි
12-09-2018 10:45
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (12) පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.
ඒ, ප්‍රකාශයක් ලබා දීම සඳහායි.
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රශ්ණ කෙරෙනු ඇති බවයි පැවසෙන්නේ.