Sunday, January 19, 2025

General line - 0115112241

ත‍්‍රස්තවාදී පනත ගැන කැබිනට් මණ්ඩලයෙන් තීරණයක්

හේමන්ත කහවලගේ




ත‍්‍රස්තවාදී පනත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇතැයි වාර්තා වනවා.

ඒ, අදාළ පනත අමාත්‍ය තිලක් මාරපන විසින් ඊයේ (11) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. එහිදී නව පනතේ ඇති වගන්ති සම්බන්ධයෙන් අමාත්‍ය විජේදාස රාජපක්ෂ සිය විරෝධය පළ කර ඇති බවයි වාර්තා වුණේ. 

ඒ, පවතින නීති දෙස බැලීමේදී ඇතැම් වගන්ති පරස්පර විරෝධී බවට ප‍්‍රකාශ කරමින්. ඒ් අනුව ඒවා සංශෝධන කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමටයි කැබිනට් මණ්ඩලය එකඟතාව පළ කර ඇත්තේ.