Sunday, January 19, 2025

General line - 0115112241

පුටු ප්‍රශ්නය ඇති වෙන්න හේතුව 'මිනිට් එකක්'




බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිලි සංකීර්ණය සඳහා අනවශ්‍ය ලෙස මුදල් වැය කරන බවට එල්ල වන චෝදනා, දේශපාලන අවශ්‍යතා මත එල්ල කරන ඒවා බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පවසනවා.

පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් අද (12) පෙරවරුවේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේ චෝදනා එල්ල කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනාගෙන් තමන් මේ පිළිබඳව විමසා සිටි බවයි.

මාධ්‍යවේදීන් කැමරාව යොමු කරමින් මේ සම්බන්ධයෙන් ඇසූ නිසා පුවත් පළ කර ගැනීමේ අවශ්‍යතාව මත තමන් එලෙස ප්‍රකාශ කළ බව එම මන්ත්‍රීවරුන් සඳහන් කර සිටි බවයි පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේ.

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා මැදිහත්වී පළාත් සභාවට පුටු ගෙන ඒම නවත්වා ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ද අදහස් දක්වමින්  බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය සඳහන් කළේ මේ  සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා රහසේ එවැනි ප්‍රකාශ කරන බවට තමන් නොසිතන බවයි.

තමන් සහ අමාත්‍යවරු අතර පැවති සාකච්ඡාව පිළිබඳව ආණ්ඩුකාරවරයා ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරනු ඇති බවයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය  ඉසුර දේවප්‍රිය මෙහිදී සඳහන් කළේ.

තවද අධික මුදලක් ගෙවා පුටු මිලදී ගැනීමට තරම් මානසික ආබාධයක් නොමැති බවත් මිනිට් එකක් නිසා මෙම තත්ත්වය ඇති වී තිබුණු බවද සඳහන් කළා.

(මේ සම්බන්ධයෙන් ඇති වූ සංවාදය පහතින් අහන්න)