Sunday, April 28, 2024

General line - 0115112241

APL 20/20ට යන තිසරට කණ්ඩායමේ හොඳම දෙවැනි මිල

කසුන් කැළුම්




ඇෆ්ගනිස්තානු ප්‍රීමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී ‘පක්තියා’ කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාට හිමිව තිබෙනවා. තරගාවලිය ඔක්තොබර් මස 5 වැනිදා ආරම්භ වීමට නියමිතය.

එම තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිව තිබෙන එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ තිසර පෙරේරායි. පක්තියා කණ්ඩායමේ කළමනාකාරීත්වය එම තරගාවලියේදී තිසරගේ සේවය ලබාගැනීම සඳහා ඔහුට ගෙවනු ලබන මුදල ඇමරිකානු ඩොලර් 75,000 ක්. ශ්‍රී ලංකා මුදලින් එහි වටිනාකම ආසන්න වශයෙන් රුපියල් එක් කෝටි විසිඑක් ලක්ෂ පනස්දහසක්.

පාකිස්තානයේ සහීඞ් අෆ්රිඩි (ඇමරිකානු ඩොලර් 100,000) සහ ෆාහීම් අෂ්රෆ් (ඇ.ඩො. 30,000), දකුණු අප්‍රිකාවේ කැමරන් ඩෙල්පොට් (ඇ.ඩො. 60,000), එංගලන්තයේ ක්‍රිස් ජෝර්ඞ්න් (ඇ.ඩො. 30,000) සහ ලුක් රයිට් (ඇ.ඩො. 30,000), ස්කොට්ලන්තයේ කැලම් මැක්ලියොඞ් (ඇ.ඩො. 15,000) පක්තියා කණ්ඩායමේ සෙසු විදෙස් ක්‍රීඩකයෝ ලෙස කටයුතු කරනවා.

පළමු වරට පැවැත්වෙන ඇෆ්ඝනිස්තාන ප්‍රීමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී පක්තියා, කාබුල්, බල්කා, නන්ගර්හාර් සහ කන්ධාර් යන කණ්ඩායම් 5 තරග වදිති. ඊට ලොව පුරා ක්‍රීඩකයන් රැසක් සහභාගි වීමට නියමිතයි