කුළියාපිටිය කොළඹ පෞද්ගලික බස් රථ සේවකයින් වැඩවර්ජනයක නිරත වනවා. ඒ, කාර්යාල ප්රවාහන සේවා මුවාවෙන් මගීන් රැගෙන යාමේ බස් රථ 18ක් එම මාර්ගයේ ධාවනයට එක් කර ඇති බව පවසමින්.
කුළියාපිටියේ සිට කොළඹ හා තදාසන්න ප්රදේශ කිහිපයකට මගීන් රැගෙන යාම සඳහා එම බස් රථ යොදවා ඇති බවයි සීමාසහිත හලාවත මගී ප්රවාහන සංගමයේ සභාපති චමින්ද හන්සා පැවසුවේ. අදාළ බස් රථවල ගමන්ගන්නා මගීන්ගෙන් දිනපතා මුදල් අය කිරීමක් සිදු කෙරෙන බවද ඔහු පැවසුවා. මේ හේතුවෙන් ජාතික ගමනාගමන කොමිසම යටතේ පාලනය වන පෞද්ගලික බස් රථ සඳහා මගීන් නොමැති බවටයි එම සංගමය චෝදනා කරන්නේ.