Sunday, January 19, 2025

General line - 0115112241

ලොකු ළූණු කිලෝවට රුපියල් 80ක්




දේශීය ලොකු ළුෑණු කිලෝවක් රුපියල් 80 බැගින් මිලදී ගන්නා ලෙස ජීවන වියදම් කමිටුව සතොස ආයතනයට උපදෙස් ලබාදී තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ මෙවර යල කන්නයේ අපේක්ෂිත ලොකු ළුෑණු අස්වැන්න පවතින නියඟය ඇතුළු හේතු කිහිපයක් මත අඩුවිය හැකි බවයි.

යල කන්නයේ දී හෙක්ටායර 5249ක ලොකු ළුෑණු වගා කිරීමට අපේක්ෂා කළත් ජූලි මාසය වනවිට වගාකර තිබුණේ හෙක්ටයාර 1471ක් බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පවසනවා.  ඒ අනුව මෙවර යල කන්නයේ අපේක්ෂිත ලොකු ළුෑණු ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 25,925ක් පමණ වනු ඇති බවයි එම ආයතනයේ වාර්තාවක් පෙන්වා දෙන්නේ.