ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කළ පෙත්සම් කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද විභාගයට ගැණුනා. පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරුන් 20 වන සංශෝධන යෝජනාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වූ අතර පෙත්සම් වැඩිදුර විභාගය හෙට දිනට කල් තැබුණා.
මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල, රාවණා බලය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ඇතුළු කිහිපදෙනෙකු විසින්. 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති මගින් ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාව උල්ලංඝණය වන බවටත් එය නීතියක් බවට පත්වීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවටත් ප‍්‍රකාශය පත් කර ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනු කර තිබෙනවා.
පෙත්සම් විභාගයෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා.